Rallen Rallata

හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ

ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
හෝ හෝ හඬ කැරකේ
යන්නම් ඈතට මේ කර දියරේ
ඉරණම රෑ ගමනේ
දුර වෙරළේ මේ යාමේ
සැතපේවා මගෙ දරුවෝ
කඩමළු වූ පන් පැදුරේ
තනි වේ මා සාගරයේ

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ

ලංතෑරුම් එළි සුළඟට නිවුණා
කම්පා වේ හද මා
මන්දාරම් වැහි ඈතින් එනවා
මූදේ ජල කළඹා
අසරණයෝ මා වාගේ
දෙවියනි කෝ දිළිඳු මගේ
රැකදේවා අසරණ මා
තනිවේ මා සාගරයේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
යන්නම් දියඹට රෑ යාමේ
අඹුදරුවෝ මා
දෙවියො රකීවා
එනතුරු මා උදේ මා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ



Credits
Writer(s): Ajantha Ranasinghe, Sarath Dassanayake
Lyrics powered by www.musixmatch.com

Link