Mawak Wagemai

සිත ගිමන් නිවු සුවදක යාවි
නෙත පහන් කෙරු මගේ සඳ සාවී
නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

බහ තෝරන හැටි තව මතකයි
මටත් උසයි දැන් හරි ඉහළයි
මල් තුහින පිපුණු මුවගයි
කල් ගෙවුන විදිහ පුදුමයි

නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි

නෙත් පියාගන්න හිතා ගන්න බෑ
නුඹ හඬා වැටෙයි දරා ගන්න බෑ
ඔය හිත තැනකට යනකන්
තව ටික දවසක් ඉන්නන්

නුඹ මලක් වගේමයි
පුර හඳක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි
මට දුවක් නෙමෙයි මවක් වගේමයි



Credits
Lyrics powered by www.musixmatch.com

Link