Kirata Harawunu

Music
කිරට හැරවුණු ලෙයින් දැනෙනා
උතුම් සෙනෙහස වාගෙමයි
කිත් යසස් මැද ලොව දිනන්නට
ඈ පිදූ අරුමැසි සෙනේ

නුඹ කියන්නේ මම නිසා මේ
දියත සිරි දුටුවා කියා
ඇයත් උන්නා මා ළඟින්
ඔබේ ප්රේමය දිනූ දා

Music
පුතණුවනි රැකගන්න ඈ
නුඹේ ලක් අම්මා
හිමිසඳුනි රැකගන්න ඈ
අපේ ලක් අම්මා

දෙනෙත් යුග මගෙ පියෙනතෙක්
රකිමි මම ඔබ මා වැදූ අම්මා
රකිමි මම ඔබ මගේ ලක් අම්මා
හිතේ සවියම එක මිටට ගෙන
දිනා දෙමි මම නුඹ නමින් සරසා
දිනා දෙමි මම ලක් මවුනි සරසා

Music
කඳුළු මල් පැළඳූ
අහිංසක යුවතී
සිනහ මල් ගෙලලූ
වාසනාවන්තී
රැක දෙන්න ඈ, අපේ මිත්තණියයි
රැක ගනිමි ඔව් ඈ, අපේ මිත්තණියයි



Credits
Writer(s): Tharindu Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link