Suranganawak

තරු කැට නෙත් ලඟ සිත නැවතුන දා
ලොවම නිසල වී එක මොහොතක්
නුඹේ හදින් ආ සෙනෙහස් සුවඳට
සිත බැඳුනයි දස දහස් වරක්
සුරංගනාවක් මිහිපිට වැඩියේ
ලංවී ඉන්නද මට විතරක්
අදහන්නට බෑ මුලු ලෝකෙම ඇයි
මේ තරමට අද මගුල් ගෙයක්

සෙනෙහස ගැන අපෙ ලොවට කියන්නට
මැලිවුනෙ මං නුඹ ගැන හිතලා
ආල නුරා මල් පිපුනු වසන්තෙක
නුඹ ඇවිදින් හිත් අහස පුරා
මුතු ඇට අකුරින් කවියක් ලිව්වා
ජීවිතේම අපෙ කැටි කරලා
ඒ කවියට මං තාම ආදරෙයි
සුදු මැණිකේ මගෙ පණට වඩා



Credits
Lyrics powered by www.musixmatch.com

Link