Sina Handana

සිනා හඬනා කඳුළු හිනැහෙන
නොනිදනා දෑසේ
සිහින පොකුරඹ සේම වියැකේ
තඹර පෙති මත සෙනෙහසක් පීදේ
දැනෙන නොදැනෙන වේදනාවේ
හැඟෙන නොහැඟෙන මිහිරියාවකි
ආදරේ දැවෙන සිසිලස ජිවිතේ

හැඟුම් සිරවී රිදුම් දේ සිත
හීසරින් සෙනෙහේ
සතපවනු මැන උමතු නෙතු මාගේ
බොදවෙනා දසුනේ
සිතට මා නුදුරින්
කියනු මැන රහසින්
වියෝවද ආදරේ සේ මිහිරියි
කඳුළු ඇයි මෙතරම්

සුසුම් නොහඩා හොවා මා සිත
සැරිසරා අහසේ
ඉම සොයා දෙනු මැනවි මංසලේ
සදාදර පැතුමේ
වෙන්වෙනා සතුවි සෙනෙහසේ ලියැවේ
කඳුළු උහුලනු හැකිද යළි කොතරම්
සිනාසෙනු එතරම්
සිනාසෙනු එතරම්



Credits
Lyrics powered by www.musixmatch.com

Link