ආයේ වැරදි නැති සැනසුම The Peace of No More Mistakes Sinhala #MindBlend Inner Realm

කළ කළ කම් වල
පව් පටිසන් දෙන
දඟ ගෙය නම් මෙතනයි
වඳුරු මනස කල
නොපනත් වැඩ වල
කර්ම ගෙවන්නේ මෙතනයි
ද්වේශෙන් මෝහෙන්
අමනකමෙන් පිරි ජීවිතයම කටුකයි
ආයේ වැරදි නැති
සැනසුම ගෙනදෙන
මම දැන් මේ මෙතැනයි

කලන මිතුරු බව සතියයි සිහියයි දන්නෙමි දැන් හොඳට
තබන තබන පිය සිහියෙන් යන්නම් එය කල හැක අපට
පොළොවට වදින නොවදින පය බලමුද යෙදෙන හැම තැනෙක
හුස්ම වදින නොවදින නැතිවෙන ගතිතුල සතිමත් වෙමු යසට

නොකලා හෝ දැන දැන කල බව දැන් දැන් සතියට හසුවේ
වැරදි හැදීගෙන ජීවිතාවබෝධයට මං පෙත කල එලි වේ
සතිය සිහිය සැම ළඟ ඇති බව දැනෙන හුරුව වැඩිවේ
කල කම් ගැන තැවී තැවී හිඳින්නට දැන් මට අවැසි නොවේ

ආයේ වැරදි නැති සැනසුම ගෙනදෙන මම දැන් මේ මෙතැනයි
ආයේ වැරදි නැති සැනසුම ගෙනදෙන මම දැන් මේ මෙතැනයි

පෙර අවබෝදෙන් තොර වු ක්රියා, අද ජීවන ගමන හැඩ නංවයි
අද අවබෝධයෙන් තොර වූ ක්රියා, ජීවන ගමන ගොඩගස්වයි

ආයේ වැරදි නැති සැනසුම ගෙනදෙන මම දැන් මේ මෙතැනයි
ආයේ වැරදි නැති සැනසුම ගෙනදෙන මම දැන් මේ මෙතැනයි



Credits
Writer(s): Gehan Panapitiya
Lyrics powered by www.musixmatch.com

Link