Kubuk Gahe

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ.//

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ.
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ.
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ.
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ.//

කුඹුක් ගහේ මල් පිපිලා...

උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ.
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ.
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ.
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ.//

කුඹුක් ගහේ මල් පිපිලා...

ගායනය: සුනිල් එදිරිසිංහ
පද රචනය: අබ්දුල් කේ. සාදික්
සංගීතය: දර්ශන රුවන් දිසානායක



Credits
Lyrics powered by www.musixmatch.com

Link