Eka Wasanthayake

එක වසන්තයක එක රාත්රියක දැනුනා මතකයි
මට ඉබේම වාගේ ඔබෙ සුවඳ...
එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා. විතරක් මතකයි...

හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොදුර...

ඒ වසන්තයෙදි හමන සුලග සමග
සසැලී පෑහෙන්නට හිතයි මට
ඔබෙ සුවද සමග මුසුවනු පිණිස
මගෙ සුසුමක් තියන්නද.
සිහිවනු පිණිස - සොදුර...

මේ වසන්තයම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම
ඔබෙ සිතැඟි වලට මුසුවනු පිනිස
මගෙ හැඟුමක් තියන්නද.
ගිවිසනු පිණිස - සොදුර...

එක වසන්තයක...//



Credits
Lyrics powered by www.musixmatch.com

Link