Gamane Gim

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා

මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා
තනි වූයේ ඔබ නෙවෙයි මා පවා තනි උනා
ගමනේ ගිම් නිවූ එදා

ඔබ මංමුලා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යලි දිලෙයි දෛවයේ තාරුකා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා

ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් හෙලා



Credits
Writer(s): Karunarathna Abeysekare, M.k. Rocksami
Lyrics powered by www.musixmatch.com

Link