Durakathanayakin

දුරකතනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හඳූනන
ඔබ පිලිගත්තද
ඇතමුන් කියන මුසා

සයුරට රල මෙන්
වෙරලට රැලි මෙන්
අප බැඳිලා උන්නේ
තොටුපල හැර යන
නෞකවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි
මගෙ මුල් ගීතයෙ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු
පහනක් අරගෙන
පසුපස පිය මැන්නා

ඔබමයි අාවේ
ඔබමයි යන්නේ
මා එතනම එහෙමයි
නිදුකින් ඉනු මැන
ඔබ සතුටින් නම්
මගෙ සතුටද එයමයි

දුරකතනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හඳූනන
ඔබ පිලිගත්තද
ඇතමුන් කියන මුසා



Credits
Writer(s): Hr Jothipala
Lyrics powered by www.musixmatch.com

Link