Ek Dinak Sendewaka

එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනෙන් කතා කළා
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා

සුමිහිරි ලස්සන ඒ පියකරු හඬ
හදවත වසඟ කළා
ඒ කටහඬ යළි අසන නියායෙන්
යළි යළි කතා කළා

නම්බර් දහසක් යොමුකර වූයෙමි
එද හමුවූයේ නෑ
කැලඹුණු මා හද ඇතිවුණු සෙනෙහස ඉන් අඩුවූයේ නෑ
ඉන් අඩුවූයේ නෑ

එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනෙන් කතා කළා
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කළා

මා මුමුණන මේ ගීතය ළඳුනේ
සවනට ඇසෙනවා නම්
එවන් සැඳෑවක ඔබ අමතන තුරු
ඉවසිල්ලෙන් ඉන්නම්

කොතැනක කොයිබක කවුරුන් වේවා
කටහඬ සවන පතයි
අමතනු මැන මට
මගෙ දුරකතනයෙ අංකය විසි හතරයි
අංකය විසි හතරයි



Credits
Lyrics powered by www.musixmatch.com

Link