Akasa Kusum

මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ...
මට හැගෙනවා ආදරේ...

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ හැගෙනවා...
මට ආදරේ හැගෙනවා...

මල් සුවද තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා...
මට ආදරේ දැනෙනවා...



Credits
Writer(s): Inconnu Compositeur Auteur, Upul Shantha Sannasgala
Lyrics powered by www.musixmatch.com

Link