Akuru Satharakin

අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න ට බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ

අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න ට බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ

ආ යන්නෙන් මා පැතු ආදරේ
ද යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
ර යනු රළු බැවින් සවන් යුග වසා
ය යනුයි කීවේ යන්න ඔබ හැරා

අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න ට බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ

වි යනු වියෝගේ මැව්වා සිතේ
වා යනු වාවන්න ට පෙළඹුවා නිරතුරේ
හ යනු හසරැළී නගන්නෙමි කියා
ය යනුයි යළි කීවේ එන්න ඔබ කරා

අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න ට බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ



Credits
Writer(s): Prema Keerthi De Alwis
Lyrics powered by www.musixmatch.com

Link