Thanikale Kelesada

තනිකළේ ...
කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ ...
සැඟවුණේ...
කොතැනද ඒ නුවන් සැඟවුණේ...
තනි තරුවේ ...තනි තරුවේ ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා ...
මසිත හොවා රුදුරු පාළුවේ...
දුරක මැකී ගියද ඔබ මෙසේ...
සිතින් ඔබේ ළඟයි මා සදා ජීවිතේ...
නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක් වී පැමිණී...
තනිතරුවේ... තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
තනිකළේ ...
කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
සැඟවුණේ...
කොතැනද ඒ නුවන් සැඟවුණේ...
මහද අරණෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී...
තනිතරුවේ... තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
තනිතරුවේ... තනි තරුවේ...



Credits
Lyrics powered by www.musixmatch.com

Link