Ran Malak Lesa

රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඬක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි
රෑ පුරා දැල්වී තියේ

ළෙහි හොවා වැඩු සිය පුතුන් අත
අවි දරා වැද රණ මතින්
පෑ විකුම් මැද දෑ බැතින් හිස
අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම
දිවි පිදූ කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය
කිරි එරී ඇත උන් නමින්

රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ

මවු කුසින් නොව මිහි කුසින්
සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි
යළි උපන්නෙමු අද දිනේ
නෑ සියන් සොයුරන් ඔබේ අද
දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ

හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමේ ඔබ
තනි කළේ නැත කිසි දිනේ



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link