Hithumate

මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිපුර මාත් එක්ක නොආපූ
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපූ

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ

පපුවට තුරුළු වී හිද හඩාපූ
ලංවී තොදොල් බස් මට දොඩාපූ
හිත ළග හීනෙන් නිදි වරාපු
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත් සුවද දෙයි
මලකින් හමාපු

හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ
සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ



Credits
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com

Link