Miniseku Pita Nagi

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගේ වහලෙට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දාවෙත් අසු පිටට නගී / /

හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ළුනුමිරිසෙන් ගතවෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදියනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගේ වහලෙට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දාවෙත් අසු පිටට නගී

ඉරනම් විසදුම සතෙකුට දෙනවා
තිරිසෙනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිදත් ගිනි උහුලනවා
හේනෙන් නුබ තව ගෙවල් හදනවා

මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගේ වහලෙට බරකී
පාන්දරින් පැරදුනු ඒ මිනිහා
හැන්දාවෙත් අසු පිටට නගී //



Credits
Lyrics powered by www.musixmatch.com

Link