Himi Nethi Pemakata

හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන් සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා ...
කියා ගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී ...
කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත්තටු නැති ද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඈතින් හිඳ හිනහෙනු මැනවී ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link