Senehase Mal

සෙනෙහසේ මල් පිපේවා
සෙනෙහසේ මල් පිපේවා
ලයේ උපදින
ලපෙත් හැගුමින්
දයා සුවදම පතුරනා
ගිළන් වූ සිත් නිවා සනසන
පහන් හැඟුමන් උපදනා
සෙනෙහසේ මල් පිපේවා
සෙනෙහසේ මල් පිපේව
වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල
කෙලෙස මිනිසත් බව පිරෙන්නේ
සෙනෙහසේ සුවදින් නිවී
ගිළන් වූ සිත් සුව ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන
සෙනෙහසේ මල් පිපේවා
ඉසුරු සම්පත් ලඳත් එනමුත්
එයින් මනු සිත් නැහැ පිරෙන්නේ
ගිළන් වූ සිත් සුවෙන් පිබිදී
සෙනෙහසින් මල් පන ලබන්නේ
එවන් සත් සිත් පහන් කරවන
එවන් සත් සිත් පහන් කරවන
සෙනෙහසේ මල් පිපේවා
සෙනෙහසේ මල් පිපේවා



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link