Obath Mamath

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු

අවිගැටෙනා බිම් තලය පුරා
යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
දුක් විළාපයයි මිනිසුන්නේ යුධ වැදී කුමට මේ එකම පොළොව මත
එකම ලෙයින් අප සැඳුනේ
එකම සුසුම් ළය රැඳුනේ

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු

රකිමු මිනිස්කම් භේද නොවී
කුළගොත් උස් මිටි කම් දුරලා
සතුරු සිතුම් අත් හැරලා
කුසගින්න අවිදරා දැවේ ළපටි සිත්
කඳුළු පිසිමු දරුවන්නේ
සතුට බෙදමු මිහිමඩලේ

ඔබත් මමත් හිඳිනා මේ ලොව
තුළ කඳුල සුසුම කුමකටදෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු
හෙටින් උදාවන ලෝකය සැමටම
සුවදායක කරමු



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link