Awapasa Ahasaka

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැදුනේ...

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැලමුතු සෙනෙහස මද පවනක් වී
ගැබරේ නිම මුමුනනවා...

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියවෙනවා...

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැදුනේ...

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැදුනේ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link