Andura Ira

අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබලු වළා ඉහිරුනු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා

කටුක ලොවේ ඝනදුරු සීමාවේ
සතුට රැඳේ මතු මත් මායාවේ
මනස නිවී සැනසෙන හෝරාවේ
දසත නැගේ හසරැල් ගී රාවේ
අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබලු වළා ඉහිරුනු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා

සොඳුරු රැයේ බොඳවුනු ඡායාවේ
එලිය නිවේ ඇගෙ රූ සේයාවේ
දැහැන බැඳේ සිතුවිලි මාලාවේ
කැකුලු පිපේ මදහස රේඛාවේ
අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබලු වළා ඉහිරුනු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා

කටුක ලොවේ ඝනදුරු සීමාවේ
සතුට රැඳේ මතු මත් මායාවේ
මනස නිවී සැනසෙන හෝරාවේ
දසත නැගේ හසරැල් ගී රාවේ
අඳුර ඉරා සඳ මිණි මේලාවේ
පබලු වළා ඉහිරුනු වේලාවේ
බඳුන පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link