Kuweni - Live

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

වියූ සළුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

නිරිඳුන් නුඹේ ආලේ නිසා
බෝ විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා
හමුවන තුරා
ආලය පසෙකලා
හිඳිමි මෙමා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
ඕ, රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

නිරිඳුන් නුඹේ ආලේ නිසා
බෝ විපතක් වෙනා
නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලය පසෙකලා
හිඳිමි මෙමා



Credits
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage
Lyrics powered by www.musixmatch.com

Link