Obe Ahethuka Nihanda Bawa

ඔබේ අහේතුක නිහඬ බව
මා නොසන්සුන් කරයි
මා කුමක් කරන්න ද නොකරන්න ද
මට හිතනු බැරි කරයි...
මේ මොහොතත් දැන්නම් මට නං
හරි මහන්සියි බරයි...
මට වරදින්න ඉඩයි...

මනස්ගාත අතිරික්තය මනසේ
සොරොවු බිඳ දමයි...
මා නොසිතිය යුතුදේ බොහොමයි එනමුත්
හිත දිගට හිතයි...
මට නවතින්න හිතයි
ඒ නමුත් යා යුතු යි...

මේ මහා ගැබුරු අවපාතය අද්දර
ඉන්ද්රකීලයක් සේ නොසැලෙන්නට
මට බැරුව යන හැඩයි...
මං පැරදුමට බරයි...
මං පරදීවි වගෙයි...
මං පරදින්න බයයි...

ඔබේ අහේතුක නිහඬ බව
මා නොසන්සුන් කරයි...



Credits
Writer(s): Chamara Guruge
Lyrics powered by www.musixmatch.com

Link