Kothanaka Hitiyath Oba Melowe

කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

හිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා
හිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසු ගියදේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ

ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ළිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ

කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ හිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ



Credits
Writer(s): Hr Jothipala
Lyrics powered by www.musixmatch.com

Link