Wasanawa Dora Arala Balanawa

වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා

ඇසක ඇසක රැස් වැදී හිතක නෙළුම් මල් පිපී
මුළු ලෝකේ මගුල් ගෙයක් වේ
සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ
සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ
දුක ශෝකය යයි ඈතක පාවීලා

වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා

සිහින තොටිල්ලේ වැදී දෑස ආදරෙන් මිදී
පෙම් ලෝකේ රං තොරන් බදී
සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ
සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ
දුක ශෝකය යයි ඈතක පාවීලා

වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවෙන් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා



Credits
Writer(s): Hr Jothipala
Lyrics powered by www.musixmatch.com

Link