Paya Ai Hinahenne

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ
ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ

වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුලැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
ඕනෑ නෑ දියමන්තී

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති
පායා ඇයි හිනැහෙන්නේ



Credits
Writer(s): Hr Jothipala
Lyrics powered by www.musixmatch.com

Link