Me Nonimena Diwi Gamane

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මම එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
පියතුම නැති දා ඉඳලා
ගියෙ නෑ මා තනිකරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
මව් ගුණ ගී ගයනෙම් මා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
අම්මේ ඔබෙ පුතෙකු වෙලා
මං එන්නම් සසර පුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මග පෙනෙන තුරා
පැටලී ලෝ මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගේ පහදාලා
දියුණුවේ මග පෙන්නාලා
ලැබු ඒ ආශිර්වාදේ
දිවි මාවත එළිය වුණේ
පියතුම නැති දා ඉඳලා
ගියෙ නෑ මා තනිකරලා
කුසගිනි මට නොම දීලා
දුක වේදනාව නිවලා
අම්මේ ඔබ බුදු වේවා
අම්මේ ඔබ බුදු වේවා



Credits
Writer(s): Hr Jothipala
Lyrics powered by www.musixmatch.com

Link