Seetha Arane

සීත අරණේ සුපුල් නාමල සුවද ගැල්වු ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ...

ආ... ආ...

ලතාවක් සේ වෙලී සියොලග
පතමි රැකවරණය ඔබෙන්...//
සදා දෝතින් මලක්සේ ඔබ
වැලද ගන්නෙමි හදවතින්... හදවතින්

වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ලගයි...//
මහා කතරෙක ගෙවු තනි මග
නිමා කල ඉම ඔබ නෙතයි... ඔබ නෙතයි
සීත අරණේ සුපුල් නාමල සුවද ගැල්වු ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ...



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link