Allata Shilpa Singaa

අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ
වල්කොළ අතුට නිදා බෝඩින් යහනේ
හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ

සූ සැට ශිල්ප කලා සල් පිලකට නොගැනේ
හඳ එළියෙන් කිසිදා ළිප ගිනිදැල් නොනැගේ
සත් රුවනින් වැසි වස්සන මන්තර ගුරුකම් හුරුකල
කොම්පියුටර් නොදැනේ
කොම්පියුටර් නොදැනේ

අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ
වල්කොළ අතුට නිදා බෝඩින් යහනේ
හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ

ඡන්දෙට පැල් රැක්කා ගිනි තැප්පට සරියේ
මවු පිය කදුළු වැටී සහතික පත් මැකුනේ
රන් අකුරින් නම ලියවුණු රන් කැටි පුතුනට පමණයි
සිංහාසන සැදුනේ
සිංහාසන සැදුනේ

අල්ලට ශිල්ප සිඟා සරසවි පාරේ
වල්කොළ අතුට නිදා බෝඩින් යහනේ
හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ
පාළුයි සිහින විමානේ



Credits
Writer(s): Rathna Sri Wijesinghe, H.m Jayawardhane
Lyrics powered by www.musixmatch.com

Link