Bindu Bindu Tharaka

බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ රත් නෙළුම් පිපේ
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ

තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ
සඳ මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත මලක රොන් සැලේ

බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ

විස මදු පුරවා විතේ
ගෙනදි දෝතින් ඔබේ
මා හද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස මියෙන මා නෙතේ

බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ රත් නෙළුම් පිපේ
බිංදු බිංදු තාරකා කදුළු මල් විලේ
උමතුවී සඳයි ඔබයි හිනැහුනා රැයේ!



Credits
Writer(s): Lucian Bulathsinghala, Gunadasa Kapuge
Lyrics powered by www.musixmatch.com

Link