Dethola Nokee Dee

දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන හිත මුහුණේ ලියවෙනවා
නංගිගේ පාමුල ඉර හද තියල
ආදර හිත ලග කවුරුද මුවා උනේ...

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදුමල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...

බාල බොලදියේ ඉස්සර සුරතල් වූ
කවට සිනා කෙලි සගවා තබුවාදෝ
වසන්තයට පෙර කකුලට ලංවී
නංගිගේ හිත ලග කවුරුද මුවා උනේ...



Credits
Writer(s): Lucian Bulathsinghala, Gunadasa Kapuge
Lyrics powered by www.musixmatch.com

Link