Sinawakata Wada

සිනාවකට වඩා ඔබේ කඳුලු වලට මන් ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
කඳුලුවලට වඩා ඔබේ සිනාවකට මන් ආසයි
මා වටකර නැගෙන සිනානම්
මා වටකර නැගෙන සිනානම්
සඳ එලියට වඩා සඳේ සඳ අඳුරට මන් ආසයි
සඳ අඳුරේ ඔබ හමුවේනම්
සඳ අඳුරට වඩා සඳේ සඳ එලියට මන් ආසයි
සඳ එලියේ ඔබ හමුවේනම්
මහ මන්දිරයකට වඩා ඔබේ පැලට මන් ආසයි
එය තැනුවේ මා වෙනුවෙන්නම්
ජීවිතයම දුකක් උනත් ජීවිතයට මන් ආසයි
ඔබ ඉන්නේ මා වෙනුවෙන්නම්
සිනාවකට වඩා ඔබේ කඳුලු වලට මන් ආසයි
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
මා වෙනුවෙන් නැගෙන කඳුලුනම්
කඳුලුවලට වඩා ඔබේ සිනාවකට මන් ආසයි
මා වටකර නැගෙන සිනානම්
මා වටකර නැගෙන සිනානම්



Credits
Writer(s): Rohana Weerasinghe
Lyrics powered by www.musixmatch.com

Link