Dilhani (feat. Indrani Perera)

දිල්හානි දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඩා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැක ගන්න
වාසනාව මට ගෙන දුන් දියණී
සුරතල් දිල්හානි

රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනලයින් දැක
ඇයගේ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා

දිල්හානි දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඩා නිදියන්නේ



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link