Gonwassa (feat. Indrani Perera)

මගේ කුඹුරේ ඉනි වැට බිඳලා
ලපටි ගොයම් පැල කා දමලා
රැක සිටියෙමි වෙහෙසක් නොබලා
අල්ලාගෙන ආවෙමි බැඳලා

කාගේද ගොන් වස්සා
මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

කාගෙද මේ හොර වසු පැටියා
සොයා කෙනෙක් එන තුරු සිටියා
මගේ අලාභය මේ සැටියා
අය කරගෙන දෙමි හොර කොටියා

කාගේද ගොන් වස්සා
මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

සවස් වෙලා අපේ ගේ පැත්තේ
කවුද බොලේ එනවා ඇත්තේ
වැටේ කඩුල්ලේ අර පැත්තේ
හදුනන මුහුණකි මම දැක්කේ

කාගේද ගොන් වස්සා
මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

මොකද ලදේ මේ අරුමැක්කේ
කලකින් ඔබෙ ලස්සන දැක්කේ
අප ගැන ඇයි සැලකුම් නැත්තේ
මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ

කාගේද ගොන් වස්සා
මගේ කුඹුරට බැස්සා
හොඳ ගානක් උස්සා
පවරා දෙමි වස්සා

සිරිමල් අයියට පැණි වරකා
ගෙන ආවෙමි ගෙදරින් පොරකා
සිරිමල් අයියේ මට සලකා
දෙනවද මට මගෙ කලුහරකා

දුන්නට පැණි වරකා
දෙන්නම් කලුහරකා
මා ගැන තව සලකා
දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා
මට දෙනවද බහ මැණිකා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link