Sihina Pathum

සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ
නැළවී නැළවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ

මා මෙන් ඔබත් පුතුනේ
මිනිසෙක් වෙලා දෙරණේ
රට දැය කෙරේ බැඳිලා
මව්බිම ඔබෙයි සිතලා
පණ මෙන් ඔබේ රැකලා
පිළිගත යුතුයි පුතුනේ

දෑසයි කුඩා ඔබගේ
ලපටි දෙතොල් පුතුනේ
කාගෙයි කියා සිතුවේ
මුහුණයි රුවයි ඔබගේ
පැහැයයි හැඩයි පුතුනේ
මාගෙන් නොවෑ ලැබුනේ

සිහින පැතුම් විමනේ
රස මිහිර ගෙනා පුතුනේ
නැළවී නැළවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ
නැළවී නැළවී හිනැහී හිනැහී
නිදියන් පොඩි පුතුනේ



Credits
Writer(s): Clarence Wijewardena, Karunaratne Abeysekera
Lyrics powered by www.musixmatch.com

Link