Moratuwa

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක්මව සැරසුව මොරටුව අපේ ගම
කොතනත් මුල්තැන රැකගත් දස්කම
මව්බිම අගයන එකයි මොරටුකම

ලී බඩු ගැන නම ලක්දිව රන්දා
මසුන් මරන ඔරු සයුරට කැන්දා
ලී බඩු ගැන නම ලක්දිව රන්දා
මසුන් මරන ඔරු සයුරට කැන්දා
ආදර හොඳහිත සැමවෙත රන්දා
මොරටුව වැජඹෙයි අද ජය කොඩි බන්දා

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක්මව සැරසුව මොරටුව අපේ ගම
කොතනත් මුල්තැන රැකගත් දස්කම
මව්බිම අගයන එකයි මොරටුකම

කොතන වුනත් අපි එකමුතු වන්නේ
මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ
කොතන වුනත් අපි එකමුතු වන්නේ
මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ
පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ
පූරුවෙ පිනටයි අපි මොරටුවේ උපන්නේ

මොරටුව මොරටුව මේ නොමැකෙන නම
ලක්මව සැරසුව මොරටුව අපේ ගම
කොතනත් මුල්තැන රැකගත් දස්කම
මව්බිම අගයන එකයි මොරටුකම



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link