Ela Dola Piruna

ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
මැණිකේ නිසා මැණිකේ නිසා
මැණිකේ නිසා අපේ මැණිකේ නිසා

වත්ත පහල කුඹුර මෙදා සරුවට වැවුණා
ඒක නිසා මැණිකේ අතින් ගොයමුත් කැපුනා
වත්ත පහල කුඹුර මෙදා සරුවට වැවුණා
ඒක නිසා මැණිකේ අතින් ගොයමුත් කැපුනා
අපේ ගමට සිරිය ගේන මැණිකේ ඔයා මටයි ඕන

ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
මැණිකේ නිසා මැණිකේ නිසා
මැණිකේ නිසා අපේ මැණිකේ නිසා

ටිකිරි නංගී හරි තරහයි මට දොස් කිව්වා
ඔයත් එක්ක කතා කලා කියා එරෙව්වා
ටිකිරි නංගී හරි තරහයි මට දොස් කිව්වා
ඔයත් එක්ක කතා කලා කියා එරෙව්වා
ටිකිරිට හරි තරහ ගියා මම මැණිකෙට කැමති කියා

ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
මැණිකේ නිසා මැණිකේ නිසා
මැණිකේ නිසා අපේ මැණිකේ නිසා

ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
ඇල දොළ පිරුණා කුඹුර සරු උනා
මැණිකේ නිසා මැණිකේ නිසා
මැණිකේ නිසා අපේ මැණිකේ නිසා



Credits
Writer(s): Clarence Wijewardena
Lyrics powered by www.musixmatch.com

Link