Fermina

සියක් වසකින් අඩක හුදකලා කාර්තුව
ප්රේමයට පවරමී
වහා ඇවිළී මියෙන හදවතක ස්පන්දනය
සුසුමකින් නවතමී
රකිනු බැරි එළිවැටක
අකුරු ගැන නොසිතමී
ෆර්මිනා නුඹ, ප්රේමයට කවියකි
ප්රේමයම කවියකි

මැග්දලේනා ඉවුරු දිය රළට මුහු වෙන්න
පිරිමි කඳුලක් බර වැඩී
කොහේ යනවද? නොදැන ඔහේ පාවී ඇදෙන
මාරුතය මොහොතකට නවතමී
සියුම් වූ වෙණ තතක ජීවය අමුණමී
ෆර්මිනා නුඹ, ප්රේමයට කවියකි
පර්යාය පදයකි

පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක
පිළිවලින් අතරමං වෙමී
නිමි නොවන කතාවක, මම ඉන්නෙ කොතැනක ද?
නුඹ ලියූ අකුරකින් නොඅසමී
ජීවිතය ප්රේම එක් කුඩා කොටසකී
නොදැන උන්නාට නුඹ, ආලයත් කොලරාවකි
ප්රේමයම කවියකි



Credits
Writer(s): Tharindu Damsara
Lyrics powered by www.musixmatch.com

Link