Radical Paththini

ජීවිතේ හොඳම කාර්තුවේ
මම ඉන්නෙ දැන් දිගම තප්පරේ
මල් ලියකම් කර ඔපදැමූ ආදරේ
ඔබමයි හැඩිකලේ
රැඩිකල් පත්තිනී

ගොලු මුහුදේ මළබැඳි රසයෙන්
නැව්බඳ දිරුවේ නුඹගේ ජපයෙන්
වාලුක කතරේ රළු බිම් පත්ලේ
දිය හැංගූයේ නුඹගේ බලයෙන්
හදවත ගලවලා, ගින්නෙහි අවුලලා
එය දැක හිනැහුනා, රැඩිකල් පත්තිනී

අටවක අහසේ සඳ වහගන්නට
මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන්
හදවත කළු වී කඩතොලු වෙන්නට
මට දුම් එව්වේ නුඹගේ දෙතොලින්
පේවී උන්නු ප්රේමේ ලේ ධාතුවේ
වස කවලම් කලේ රැඩිකල් පත්තිනී

මල් ලියකම් කර ඔපදැමූ ආදරේ
ඔබමයි හැඩිකලේ
රැඩිකල් පත්තිනී



Credits
Writer(s): Tharindu Damsara
Lyrics powered by www.musixmatch.com

Link