Adhi Maathra

සීමා සහිතයි මං වගෙ උදවිය ලෝකෙටෙ බිහිවුනෙ අඩුවෙන්
දෑතට හයිය තියෙනකන් අතගහන දේවල් හැදිගෑවෙන්නෙම අමුවෙන්
පාසල දැක්කෙ හැමදාම ඈතින්, ළඟටම ගිය දිනක් මතකනෑ
දූෂිත පැත්ත මගේ දැන් එළියට, ඒකට වගකියන්ඩ එකෙක් නෑ

ඉරිතලලා මගේ ඇස්දෙක දුම්පාර යන්න කලින් මගෙ කටින්
මේසෙ පුරා මගෙ එක එක ඖෂධ අඩුවක් නෑ මට මතින්
බෙල්ට්එක අරගෙන එකැතැනම සිදුරු කරලා නහර පිම්බිලා අතින්
හරියටම නහරෙටම තියලා ඇතුල් කළා දැන් මතුවෙලා පාදඩ ගති

අපමණ දස්කම්, ත්රාසජනක වැඩ මත්කුඩු මත්පෙති ගහද්දි
මන් මෙහෙත් තනියම විදවන හැටි බල බල වටේ එවුනුත් කෙළ ගහද්දි
ඇහෙනවා කටහඬක් කළින් අහලනැති මේ මගේ හිස් අවකාශෙන්
මට මගෙ පාලනේ නැතිවෙලා යනවා වගේ ඇයි දන්නෑ බන් අපරාදේ

කෑල්ල උඩින්, විදුරු කැට තියල යටින් ගිණි
මම ඇද්දම එකපාරම, ඇස්දෙක ගියා ගිලී
නහර අස්සෙන් ලේ දුවද්දි මට මතක් වෙනවා ආත්ම
දැන් ළංවෙලා වගේ දැනෙනවා සීමාවට අධි මාත්රා

පිස්තෝලෙ දැන් මගෙ අතේ, ඉස්සරලා මරලා දානවා පිටඑවුන්
නානාවිධිප්රකාර අතරින් මගෙ යාලුවෝ තෝරගත්තෙ මම මිනිසුන්
මතකද පොඩි වැරැදි දෙයක් වෙච්ච ගමන් තොපි සෙට්එක මාවත් හැලුවා
තොපිටම වෙඩි තියලම මන් මරණවා, එකෙක්නම් වෙඩි වැඳි වැඳි හරි දිව්වා

අවසානෙ ජීවිතෙ වෙනස් මීටවඩා, තිබ්බනම් මගෙ හිත මං ළඟ
චකිතය නිෂ්චල වෙලා මගෙ නහරෙට දුවද්දි මගෙ මොළ වෙලා සී සීකඩ
පාලනේ ගිලහිලා මගෙ ඇගෙන්, මගෙ ඇස් දෙකෙන් හැමදේම බලන් ඉද්දිම
මට තේරෙන්නෑ කිසිදෙයක්, වෙන එකෙක් රජවෙලා මගෙ මොළෙ ඇතුලෙම

ගෙදර දොර වහලා මම එද්දි ගෙදරට ගැහුව කැඩෙන්නම පයින්
වරෙන් මෙහෙ, උඹ නේද වැඩිමල් කොහොමත් උඹ මට වඩා ලොකු කයින්
මතකයි ඉපදුනෙ අඩුමාසෙන් කියන් විහිලුකරා උඹ හිනාඋනා
හිටපන් කොහොමත් හතරවෙනි උණ්ඩය බහින්නෙ උඹෙ වම් ඇහින්

මතකද වරෙන් තාත්ත මෙහෙ ඉස්සර උඹ බීගෙන මට කෑගැහුවා
අයියට නොගහා හැමදාම මට විතරක් උඹ බිමපෙරළගෙනත් ගැහුවා
දැන් උඹ වැදගනින් උඹ දන්න දෙියෙක්, මේ ගෙවෙනනේ උඹේ අන්තිම මොහොත
තුන්වෙනි උණ්ඩය බහිද්දි උඹෙ කටෙ තිබ්බ බත් ටිකත් අහක

අම්මේ ඔයා කුස්සියෙද, උයන්නෙපා රෑට කවුරුවත් කන්නෑ
ඒ ඇයි පුතේ කියා දැන අහද්දි වැටහුණා කිසිම දෙයක් ඈ දන්නෑ
මතකද ඉල්ලද්දි උඹෙන් අඬාන පොඩි කාලෙ නැතිඋනා මට දෙන්න කිරි
දැන් උඹෙ අවසානෙ අඬන්න කලින්ම අම්මේ, උඹෙ නැති වෙලා යයි හිරි

පස්වාන්දහසක් ඔප්පුවේවී මගෙ ඇස්දෙක හොඳටම ඇරිලා
මං මේ මොනවාද කරේ කියා ආපහු බැලුවා, දෙවැනි පාරටත් හැරිලා
ගේ සීසීකඩ හම් කෑලි විසිවෙලා ඒව බලන්න මට බෑ
මං කරේ මොනාද කියා කල්පනාකරා කිසිදෙයක් මතකනෑ

ලේ මගේ බිත්තිය පුරා රතුපාට වෙලා ගේම ලේ විලක්
දැන් මගේ ජීවිතේ වෙලා උගස්, වෙන එකෙක්ට නෑ බන් ඵලක්
මිණීමරුවෙක් කියා වටෙන්ම අහෙනවා, ටීවි එකේ මගෙ රූපෙ
සසරම එපාවුණා මගෙ මත්බව දෑතට ඉතිරිවුනේ එකම උණ්ඩේ

අවසානෙ ජීවිතෙ වෙනස් මීටවඩා, තිබ්බනම් මගෙ හිත මං ළඟ
චකිතය නිෂ්චල වෙලා මගෙ නහරෙට දුවද්දි මගෙ මොළ වෙලා සී සීකඩ
පාලනේ ගිලහිලා මගෙ ඇගෙන්, මගෙ ඇස් දෙකෙන් හැමදේම බලන් ඉද්දිම
මට තේරෙන්නෑ කිසිදෙයක්, වෙන එකෙක් රජවෙලා මගෙ මොළෙ ඇතුලෙම

අවසානෙ ජීවිතෙ වෙනස් මීටවඩා, තිබ්බනම් මගෙ හිත මං ළඟ
චකිතය නිෂ්චල වෙලා මගෙ නහරෙට දුවද්දි මගෙ මොළ වෙලා සී සීකඩ
පාලනේ ගිලහිලා මගෙ ඇගෙන්, මගෙ ඇස් දෙකෙන් හැමදේම බලන් ඉද්දිම
මට තේරෙන්නෑ කිසිදෙයක්, වෙන එකෙක් රජවෙලා මගෙ මොළෙ ඇතුලෙම

Credits
Writer(s): Freaky Mobbig (mobmusick)
Lyrics powered by www.musixmatch.com

Link