Adikaram Sithivili (Chapter 02)

SHREDDER-HOOK
ගමනාන්තයක් සිතමින් මා,
සොයමින් මා, ක්ෂිතිජය හා
හිස් ආත්මයක්, අවකාශෙක පා වෙලා...
අවසානයක්, වෙන මානයක්
සන්ධර්භයක් - වර්ණයක් නැති නිම්නයක්
අන්ධකාරයක් අතරක මා
තනි වී, අද මා...

RUDƎBOYRAY-VERSE 01
මේ තනිකම නාඹර, හිතුවක්කාර කෙල්ලෙක් වගේ මගේ ගෙලේ දැවටෙනවා
විකල්ප නොදන්න මාත් ඒකිගෙ ජීවයක් නැති තනපුඩු උරන් සැනසෙනවා
හොඳම නිපදවන්නා ගෙ ස්වර මතින් පදවන "අදිකාරම් සිතිවිලි" යානයේ
කවුළුවෙන් එපිට මා හා සමගාමීව යන තල්මහෙක් තවමත් අහසේ...
තියෙනවා තත්පර 11ක් ඇස් ඇරියම උදේට ජීවිතේ විඳින්න
පටන් ගන්නවා මොහොතකින් පස්සෙ ලෝකෙ මුස්පෙන්තුකම ඔළුව ට වදින්න.
වේදනාවන් ට යටින් දිවෙන මිහිරක් තියෙයි, ඒකයි යථාර්ථය
අඬද්දි එන කඳුළු තමයි අපේ කාළකණ්නි ආත්මය ට ලැබෙන සුරාන්තය...
ඉර මැරුණම හීතල හුළං ගේන කණාමැදිරි එළිවල හැඩතල නොදත්
හඳ කපලා කතුරකින් හැදුවා මං සිවිලිමේ දිළිසෙන තරු ගොඩක්...
කාලය ගැන වගක් නැතිව සිරුරේ පද්ධතීන් නිද්රාවට පත්වෙන්න
මට ඕනා මාව ඇඳ ඇතිරිලිවලට අවශෝෂණය වෙනකන්ම වැතිරිලා ඉන්න...

SHREDDER-HOOK
ගමනාන්තයක් සිතමින් මා,
සොයමින් මා, ක්ෂිතිජය හා
හිස් ආත්මයක්, අවකාශෙක පා වෙලා...
අවසානයක්, වෙන මානයක්
සන්ධර්භයක් - වර්ණයක් නැති නිම්නයක්
අන්ධකාරයක් අතරක මා
තනි වී, අද මා...

RUDƎBOYRAY-VERSE 02
නඩත්තු කරවන ව්යාජ ප්රබන්ධ ස්වයංවාරණ වලටම සීමා වූ
සුවපහසු කලාපයේ රාමුවෙන් මට මිදෙන්නයි ඕනෙ වගේ Zima Blue...
දරාගන්න බෑ මට මේ මනසත් පෑන් තුඩත් අතර අවකාශයක් ඇත්නම්
තනිවෙන්න බෑ බොට මේ පේළි උඩ ලොවෙත් මට තරම් psycho නැත්නම්.
ආසයි මං හීන දකිද්දි උඹේ විඩාබර ඇස් වැහෙනවා දකින්න
පුළුවන් නම් උඹටත් හෙට මීට වඩා ටිකක් බර අඩු හිතක් එක්ක... ඇහැරෙන්න!
කියවද්දි ෆැන්ටසිය උඹේ හිසේ මැවෙන චිත්ර උඹ ට බෑ මගාරින්න
මට ඕනි උඹේ ආත්මය උඹේ ඇඟෙන් උඩ ට අරන් ගිහින් පොළොවට අතාරින්න...
හුස්මක් නැති හිස් අවිවේකී සින්තටික් විඩම්බනයකින් මිදිලා
හුදෙකලා නිම්නයක රියැලිටිය හීනයක ගිලෙද්දි ලූපයක වෙළිලා.
ඇස් එක්ක මොළේ ෆෝකස් ස ම මු හූ ර් ථ කරගන්න බැරිවෙන ප්රිස්මෙක මැද
වැළඳගනින් අපි හමුවෙන දවස ට ඒ තමයි උඹත් මාත් හිස්වෙන තැන...

SHREDDER-HOOK
ගමනාන්තයක් සිතමින් මා,
සොයමින් මා, ක්ෂිතිජය හා
හිස් ආත්මයක්, අවකාශෙක පා වෙලා...
අවසානයක්, වෙන මානයක්
සන්ධර්භයක් - වර්ණයක් නැති නිම්නයක්
අන්ධකාරයක් අතරක මා
තනි වී, අද මා...



Credits
Writer(s): Rayviyan Floyd Driyon
Lyrics powered by www.musixmatch.com

Link