Ada Heta Oba Ma

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

ඔබ රවටා නැත ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැගෙයි
අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා

යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ලඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා
අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා



Credits
Writer(s): Clarence Wijewardhane, K.d.k. Dharmawardhane
Lyrics powered by www.musixmatch.com

Link