Sari Podiththak

සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් කතා කරාවී
කතා කරලා මංගල්ලේ නියම කරාවී

සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් කතා කරාවී
කතා කරලා මංගල්ලේ නියම කරාවී

රණ්ඩු කරලා සිංදු කියලා
තොරණ් බැදලා රැහැන් ඇදලා
රණ්ඩු කරලා සිංදු කියලා
තොරණ් බැදලා රැහැන් ඇදලා
පාවඩ මැද මනාලයා ගෙදරට ඒවී
ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවී
ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවී

සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් කතා කරාවී
කතා කරලා මංගල්ලේ නියම කරාවී

තක්කිට තරිකිට කියලා තිරික්කලේ අපි යනකොට
තක්කිට තරිකිට කියලා තිරික්කලේ අපි යනකොට
අහල පහළ ඉන්න ඈයෝ බලා හිඳීවී
බලා ඉදලා අපි දෙන්නට විහිළු කරාවී
බලා ඉදලා අපි දෙන්නට විහිළු කරාවී

සාරි පොඩිත්තක් ඇඳගෙන
මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් කතා කරාවී
කතා කරලා මංගල්ලේ නියම කරාවී

එතනො සුමනො නාඩා ඉඳින්
සිකුරු තරුව පායනකන්
එතනො සුමනො නාඩා ඉඳින්
සිකුරු තරුව පායනකන්
ඔයාලටත් පිරිමි කෙනෙක් බැල්ම හෙලාවී
බැල්ම හෙලලා තවත් ගමක් එළිය කරාවී
බැල්ම හෙලලා තවත් ගමක් එළිය කරාවී



Credits
Lyrics powered by www.musixmatch.com

Link