Chandra Madulu Yata

චන්ද්ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැනි පුරවාගේන
හද හාමී දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හද හාමී කෙලෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියාලූ
ගඟට උඩින් කිරි කොක්කු ගියාලූ
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලූ
වීර දුවේ මා බිය නොම වන්නේ
සිහල ලෙයයි නුඹෙ සිරුරෙ දිවෙන්නේ

චන්ද්ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ



Credits
Lyrics powered by www.musixmatch.com

Link