Hiru Maki (LiViN JAiL Version)

හිරු මැකී බොඳ වුනත් එක්කම
බලන් සඳ ඇඳි දියේ සිත්තම
සඳත් ලස්සන අඳුර ගැලුවම
සඳේ සඳකැන් දියේ එලුවම

අඳුර සමඟම ගැලූ තනිකම
නුඹයි මැකුවේ ඇවිත් තිස්සෙම
නොදැනෙනා ලෙස නුඹට තනිකම
මමත් තනිවෙමි නුඹත් එක්කම

හදෙහි සිතුවිලි මැවුනේ නිතරම
සිනාපිරි ඔය මුහුණ දැක්කම
කියන්නම් දැන් නුඹට ඇත්තම
නුඹයි මා දුටු සොඳුරු සිත්තම



Credits
Writer(s): Samanthi Devika
Lyrics powered by www.musixmatch.com

Link