Diwasaravi

සියොලඟින් හැඩගෙන ජීවිතයේ
හද සොරාගෙන
රොන් සුරල් දී වෙලා දෑසින්
පැතුමන් දරාගෙන
මා වෙලාගෙන විසිරුවයි මන
මිහිලියේ නුඹ සිතේ
ආදරයෙන්

මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිදු නාරී
දිවසරාවී

චන්දු කුමරි නුඹ ගගන දිදුලන
සුරලියන්ගේ රුසිරු පරදන
ඉඳු සරින් මන බිඳෙන මොහොතක
මත් කරයි හද
දිවසරින් නුඹ

මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිදු නාරී
දිවසරාවී

දේහ නාරී අසිරි පෑ කළ
නිති වෙලයි නෙතු බඹරිඳුන් දැක
අසුරු සේනා රොද වඩන විට
නොම දියන් සඳේ
ළදලු දෙතොල් නුඹේ

මා ලොවේ රූ සොබාවී
පෑ රුවින් මත් කරාවී
සිත් මලින් නිති සිනාසී
දිනිදු නාරී
දිවසරාවී



Credits
Writer(s): Kavindu Millagala
Lyrics powered by www.musixmatch.com

Link