Koheda Oba Radha

රාධා රාධා
ඔද්දල් වූ ඕලාරික හැඟුමින්
හදවත සඟවාගෙන සඳ පහනින්
සෙනෙහස සොයලා යමුනා ඉවුරට
ආවෙමි ක්රිෂ්ණා කොහේද රාධා
කොහේද ඔබ රාධා

යොහොඹු කුසුම් යහනක මැලවී ඇත
තමලු ලතාවන් අවුල් වෙලා
සියුමැලි පා සටහන් පර මල් මත
ඇඳී තිබේ රාධාවනි ඔබ නැත
කොහේද ඔබ රාධා

හිමාලයේ හිම දියවී ගැලුවට
ගල් පර අතරේ යමුනාවක් නැත
රණ තිසරුන් නැති පුලින තලා මත
මිලාන පස් පියුමන් මිස නුඹ නැත
කොහේද ඔබ රාධා

රාධා රාධා
ඔද්දල් වූ ඕලාරික හැඟුමින්
හදවත සඟවාගෙන සඳ පහනින්
සෙනෙහස සොයලා යමුනා ඉවුරට
ආවෙමි ක්රිෂ්ණා කොහේද රාධා
කොහේද ඔබ රාධා



Credits
Writer(s): Aruna Chandrasena
Lyrics powered by www.musixmatch.com

Link