Anuuthura

දැදුරු නෙත් අග පිපුණු පිනිදිය
ස්වේත වලාවන් මතට ඇවිත්
නිමල පැතුමක අමිරි මතකය
දුරු දසුනකට යා කළා
දුරු දසුනකට යා කළා

ඔබ මිදුනේ සත්ය සොයා
තුටු වෙම් අද ඔබෙ පාද දොවා
පරදා මරසෙන් ඔබ මතුදා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා

එතෙර වන්නට යාත්රාවක
අතැර යන දෙනුවන අයා
අයැද නවතින ලෙසින් කෙලෙසට
නොම කියන් හද තිර කළා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා

විහිදි දම්රස පිරූ හදවත
එතෙර යන බව ඉඟි කළා
නොනිමි පෙම් රස සඟව නිහඬව
අමා ගංතෙර වෙත ගියා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා
වැඩු මැන සඟමව් නුඹ අනු උතුරා



Credits
Writer(s): Kavindu Millagala
Lyrics powered by www.musixmatch.com

Link