Appachchi

නෙතු අග කඳුලැල් සඟවාගෙන නුඹ
දහසක් දුක්විඳ මා සවිකර
ජීවිතයේ මං පෙත සදනා නුඹ
තරුවද අමාවකේ
තරුවද අමාවකේ

අඳුරු මගේ ලොව එළිය කරන්නට
දහදිය විලවුන් ගත තවරාගෙන

ගොම්මන් වී දොරකඩට වඩිනවා
මැලවුණු මුහුණින් සිහින දකිනවා

දෑතේ කරගැට මතුවන තෙක් නුඹ
කැටයම් කළ ලොව කිරුළු දරන අද

අනේ මගේ ළඟ නිසලව ඇයි නුඹ
හිඳින්නෙ අප්පච්චී
හිඳින්නෙ අප්පච්චී
මතු බුදුවෙයි නුඹ අප්පච්චී



Credits
Writer(s): Pramoth Ganearachchi
Lyrics powered by www.musixmatch.com

Link